මුහම්මද් නබී තුමා

මුස්ලිම් වරයකු විසින් සිදුකරන සාහිත්‍ය සේවාව අධ්‍යාපනයට කරන සේවාවක් ලෙස ගිනිය හැක. අධ්‍යාපන සේවාවත් ගැන අල්ලාහ් තආලා ගේ ආගමික ග්‍රන්ථය වන අල්- කුර්ආන් හි සහ නබි නායකයාණන්ගේ දේශන වලද බොහෝ සේ සඳහන් වී ඇත. ඉස්ලාම් ආගවික සාහිත්‍යයේ අල්- කුර්ආන් ගzන්ථයට දෙවැනිව අප විසින් කළ හැනි උසස්ම සේවාව වන්නේ නබි නායකයාණන් ගැන ලිවීමයි්. නබි රජාණන්ගේ ජීවන වෘත්තාන්තය සැවොම දැන සිටිම වැදගත් යුතුකමක් වන්නේය. එහි ආලෝකයෙන් ඉස්ලාම්ධර්මයේ විශිෂ්ඨත්වය අවබෝධකර ගත හැක. නබි නායකතුමාණන් ගැන නිවරද්‍ය ලෙස ලියවෙන පොත පත දෙමළ භාෂා මාධ්‍යයෙන් ඉතා විරල බව කිව යුතුය. එතුමන් ගැන සම්පූර්ණයෙන් කරුණු අඩංගු පොත් පත් බාලාංශයේ ලමුන් සඳහා තවමත් ප්‍රකාශයට පත් වී නැත. මගේ හිතමිත එස්. එම්. හනීෆා (බී.ඒ.) මහතා විසින් ලියන ලද ‘ලෝක ප්‍රසංසාවට භාජනය වූ උත්තම දූතයා’ නමැති පොත මේ අංශයේ වැදගත් තැනක් ගනී. සාහිත්‍යාජශයේ ළමා සාහිත්‍ය කෘති නිර්මානය කිරීම ඉතා දුෂ්කර කාර්යයක් බව පිළිගෙන ඇත. මේ අන්දමින් බලන විට සාහිත්‍ය නිර්මාණයේදී වැදගත් කරුණු ඉදිරිපත් කිරීම සරල භාෂා ශෛලියෙන් ළමුන් සඳහා මට සිලිටි දෙමළ භාෂාවෙන් නබි නායකයාණන්ගේ ජීවන වෘත්තාන්තය ඉතා සාර්ථක අන්දමින් නිර්මාණය කොට ඇත. අප රටේ වැඩි ප්‍රසිද්ධියක් නොමැති ලේඛකයින්ගෙන් අයෙකි. මෙම කතුවරයා. මධ්‍යම පළාතේ පිහිටා ඇති ගල්හින්න ග්‍රාමයෙන් බිහි වූ කතුවරුන්ගෙන් මොහු ඉතා වැදගත් අයෙකි. මීට අවුරුදු විසි අටකට
පෙර ‘සමුදායම්’ නමැති සඟරාව මගින් කළඑලි බැසි මොහු උන් හිටි ගමන් සාහිත්‍යකරණ යෙන් ඈත් වූ බවක් දැන චේදනාවට පත් වූ අයගෙන් කෙනෙකි, මා. නමුත් මගේ මිත්‍රයා නැවතත් ලේඛන කලාවට ඇතුළත් වී නබි රජාණන් ප්‍රමුඛව තබා ළමයින් සඳහා තමාගේ සාහිත්‍ය සේවාව නැවත ආරම්භ කිරීම ප්‍රසංසා කළ යුත්තකි. එතුමා තමාගේ පළමු කෘතිය මගින් නබි නායකතුමාණන් ළමුන්ට හඳුන්වා දෙන ආකාරය ප්‍රසංසාවට භාජනය වීමට කරුණකි. ශ්‍රී ලංකාවේ අප අතර ළමා සාහිත්‍ය නිර්මාණය කළ හැකි උසස් කතුවරුන් සිටින බවට එක් සාක්සියකි මේ. ආරම්භයේ සිටම අවසානය දක්වාම නබිනායකයාණන්ගේ ජීවන චරතය චමත්කාර ලෙස දැක්වීමට තම සම්පූර්ණ ශක්තියම ඔහු යොදා ඇත. ඒ සමගම මෙහි ඇතුළත් කර ඇති ඉස්ලාමිය සිරිත් විරිත් ඇතුළත් විස්තරය කුඩා දරුවන් සඳවා මනා ලෙස පිළියෙලවී ඇත. දේශනා, යහපත් සිරිත් විරිත්, යහපත් ගුණාංග ආදී ශීර්ෂ වලින් ඉස්ලාමිය දරුවන් සඳහා අගනා කරුණු මනා ලෙස ඉදිරිපත් කොට ඇත. මෙම පොතේ තැනින් තැන මුස්ලිම් ළමුන්ගේ මානසික තත්වයට ගැලපෙන අන්දමින් ඉස්ලාමිය දර්ශනය ඉතා සරල ශෛලියකින් විස්තර කර තිබීමද මෙහිලා සඳහන් කළයුතු වැදගත් කරුණකි. ‘කුමන රටකට අයත් වුවත් දුප්පත් හෝ පොහොසත් වුවත් සෑම මුස්ලිම් වරුම සහෝදරයෝ ය. ඔවුහු එකිනෙකාට සමාන වන්නෝය. කෙසේ වුවත් උස් පහත් භේදයක් ගැන විශ්වාසයක් ඔවුන් අතර නැත’ යන උදාහරණය මෙම පොතේ පස්වැනි පරිච්ඡෙදයේ මැද කොටසේ ඉස්ලාමිය මූලික දර්ශනයට එකඟව ඉතා  පැහැදිළිව විස්තර කර තිබීම ප්‍රසංසාවට භාජනය විය යුත්තකි. උහද් යුද්ධයේ දුෂ්කර අවස් තාවකදී පවා නබි නායකතුමාණන් සතුරන් සඳහා යාඥා කළ බව කියවෙන නව වැනි පරිච්ඡෙදය ඉතා අලංකාර ලෙස සාකසි ඇත. කෙටියෙන් කිවහොත් ගුරුවයෙකු වශයෙන් සේවය කර, ප්‍රමුඛ පෙළේ ප්‍රවෘත්ති පත්‍රයක් වන ‘දිනරන්’ හී සහකාර කර්තෘවරයෙකු ලෙසට පත්ව දැනට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධාන පෙළේ කාර්ය භාර කර්තෘ වරයකු වශයෙන් සේවයේ යෙදී සිටින නීතිඥයකු වන ගල්හින්න ග්‍රාමයේ බිහිවූ උගතෙකු වන මොහු ප්‍රසංසා කළ යුතු නිර්මානයක් මුස්ලිම් දරුවන් අතට පත් කොට ඇත. සෑම මුස්ලිම් නිවසක් තුළම මෙවැනි පොතක් තිබීම වටනේය. එපමණක් නොව සිංහල දැන උගත් මුස්ලිම් නොවන ළමයින්ටත් මෙම පොත ඉතා වටිනා දෙයක්. මෙම පොත ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලින් පරිවර්තනය කොට හැමදෙනා අතටම ලැඛෙන්නට මග සලස්වන්නේ නම් මෙයින් ඉමහන් එල ලැඛෙන බව සහතිකය. මගේ මිත්‍රයා වන කතුවරයා මෙවැනි ඉස්ලාමිය නිර්මානයන් තව තවත් බිහිකර ලීමෙන් මුස්ලීම් සමාජයට උදව් වෙතැයි ඉදිරියටත් බලාපොරොත්තු වෙමි. මෙවැනි නිර්මානයන් සඳහා මුස්ලිම් වරුන් තම සම්පූර්ණ සහයෝගය දෙමින් තම තමන්ගේ ඉස්ලාමීය හැඟීමත් සාහිත්‍ය රුචිකත්වයත් වර්ධනය කර ගැනීම ඉතාමත් අවශ්‍යය. ජීවය ඇති සමාජයක විශිෂ්ඨ සෙවයකින් ඒකකි, මේ. අවසාන වශයෙන් කතුවරයාගේ ප්‍රයත්නයට අපගේ ආශිර්වාදය හිමිය. සර්ව බලධාරි අල්ලාහ් තආලා මොහුගේ මේ සේවය බාර ගනිත්වා. තවද අපි සියලිලටම දයාව සහ කරුණාව පෙන්වන සේක්වා. ආමීන්.

  1. ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: